© හෂාන් මධුරංග
e-mail:rockethashan@gmail.com

Tuesday, September 19, 2017

Thursday, October 11, 2012

Reservoir Dogs (1992) සිංහල උපසිරසි සහිතව....

තවත් ෆිල්ම් එකක් සබ් එකක් එක්ක දෙන්නයි යන්නේ. මේක ගැන නම් ආයි කතා දෙකක් නෑ සුපිරි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pulp Fiction (1994), Jackie Brown (1997) වගේ සුපිරිම චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු QuentinTarantino කියන අධ්‍යක්ෂකවරයා. ඔහු මේ චිත්‍රපටයේ සහය රංගනයකත් යෙදෙනවා. මේ ෆිල්ම් එක IMDB වර්ගීකරණයේ 68 වන ස්ථානයේ පසුවන්නේ 8.4 ක අගයක් ලබාගනිමින්. ඒකෙන්ම තේරෙනවනේ මේකේ තරම. මේ ෆිල්ම් එක හින්දා 2006 දී ගේම් එකකුත් ආවා. 2002 වසරේදී මේ ෆිල්ම් එක ඇසුරෙන් Kaanthe නමින් හින්දි චිත්‍රපටයකුත් නිකුත් උනා. ඒ ෆිල්ම් එකත් ලෝකේ පුරාම ඉතාමත් ජනප්‍රිය උනා. මේකට රංගනයෙන් දායක වෙන්නේ නම් එච්චරම ප්‍රසිද්ධ අය නෙමේ. ඒත් ඔවුන්ගේ රංගනය ඉතාමත් ඉහල තැනක තියෙනවා. මං මේකේ කතාවත් පොඩ්ඩක් කියලා ඉන්නම්. මේකේ කතාව සමාන්තරව දිවෙන්නේ නම් නෑ, ඒ උනාට තේරුම ගන්න අපහසු නෑ. මේකයි කතාව, එකිනෙකා ගැන නොහඳුනන 8 දෙනෙකුගෙන් යුත් හොර කණ්ඩායමක් මුතු කොල්ලයක් සඳහා එක් වෙනවා. ඒත් මොවුන් අතරම පොලිස් ඔත්තු කාරයෙකුත් ඉන්නවා. ඔහුව හඳුනාගැනීමට ඔවුනොවුන් දරන උත්සාහය තමයි මේ ෆිල්ම් එකේ සාරාංශය. අන්තිමට මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ෆිල්ම් එක බලලම ඉන්නකෝ. මේකෙන් අපි හැමෝගෙම ජීවිත වලට ගන්න හොඳ ආදර්ශයක් තියෙනවා, ඒ තමයි ඕනෑම කෙනෙක් ඕනවට වඩා විස්වාස කරන්න එපා කියලා.
ආයෙත් මෙවැනිම චිත්‍රපටයක් එක්ක හමු වෙමු. සැමටම ජයෙන් ජය..!!!!!!


මෙතනින්  ෆිල්ම් එක බාගන්න

සිංහල  උපසිරසි මෙතනින් බාගන්න




Friday, October 5, 2012

Ladies Vs Ricky Bahl (2011) සිංහල උපසිරසි සහිතව...

                                      


ඔන්‍න‍ සයිට් එක ආරම්භයේදීම නියම හින්දි ෆිල්ම් එකක් ගෙනාවා. මේක මගේ මුල්ම උපසිරසි නිර්මාණය. වැරදි තිබුනොත් සමාවෙන්න කියලත් හැමෝගෙන්ම ඉල්ලනවා.මේක ටිකක් විතර පරණයි.පරණයි කිව්වට 2011,ඒ කියන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ රිලීස් වෙච්ච එකක්. මේ ෆිල්ම් ඒකට IMDB 6/10 ක් ලැබී තිබෙනවා.
     
            මේ ෆිල්ම් එක අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ මනීෂ් ශර්මා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Band Baja Bharath චිත්‍රපටයට රංගනයෙන් දායක උන රාන්වීර් සිං. ඒවගේම අනුෂ්කා ශර්මාත් මේකට රංගනයෙන් දායකවෙනවා. පරිනීති චොප්රා,දිපන්නිතා ශර්මා,අදිති ශර්මා වැනි රංගන ශිල්පිණියන් සහය රංගනයක යෙදෙනවා. මේ ෆිල්ම් එක හින්දා පරිනීති චොප්රාට ෆිල්ම්ෆෙයාර් උළලේදී හොඳම නැගී එන නිලියට හිමි සම්මානයත් ලැබුණා.

           මේක ඇත්තටම ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකට John Tucker Must Die කියන ඇමරිකන් ෆිල්ම් එකෙයි Bachna Ae Haseeno (2008) කියන හින්දි ෆිල්ම් එකෙයි සංකලනයක් කියන්නත් පුළුවන්. ඒ උනාට කොපියක් නෙමේ. මේකේ කතාවත් ටිකක් කියලා ඉන්නම්කෝ…..එක තරුණයෙක් ඉන්නවා මිනිහගේ රස්සාව කෙල්ලන්ව රවට්ටලා සල්ලි කඩා ගන්න එක. මිනිහා ඒකට එක එක උප්පරවැට්ටි යොදා ගන්නවා. කොහොමහරි මිනිහාගේ උප්පරවට්ටිවලින් සල්ලි අහිමි උන කෙල්ලෝ තුන්දෙනෙක් ඒගොල්ලන්ගේ සල්ලි ආපහු ලබා ගන්න හැටි තමයි මේකෙන් කියවෙන්නේ. තවත් දුරට කතාව කියන්න ගියොත් ඒකේ අගේ නැතිවෙනවා.බාගෙනම බලන්න. හැබැයි මේකේ සින්දු වලට නම් උපසිරැසි දැම්මේ නෑ, එහෙම දැම්මනම් ඒවායේ අර්ථය වෙනස් වෙනවා. 


කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා!!!!!!!!!!!!

තවත්  උපසිරසි නිර්මාණයක් සමඟ මුණ ගැහෙමු.දිගටම රතු අඩවියත් එක්ක රැදී ඉන්න.